සෑම සෙනසුරාදා මෙන්ම ඉරිදා දිනකම වසන්තම් නැමති ගුවන් විදුලි සේවය තුළින් 102.6 සහ 102.8 ඔස්සේ රාත්‍රී 7.45 සිට 08 දක්වා දමිළ මාධ්‍ය හරහා අප විසින් පවත්වනු ලබන බලාපොරොත්තුවේ වේලාව නැමැති ගුවන් විදුලි වැඩසටහන විකාශනය වේ. කිතුණූ ගීතිකා, නාට්‍ය, සංවාද, යහපත් සිතුවිලි මෙන්ම පැනයට පිළිතුරු යන වැඩසටහන් පවත්වනු ලැබේ. මෙම වැඩසටහන් මගින් සියයකට අධික පිරිසක් දේව ආශිර්වාද ලබා ගන්නෝය.

