අපගේ සේවාව මඟින් සිංහල දමිළ මෙන්ම ඉංග්‍රීසි භාෂාවන්ගෙන් තැපැල් ආශ්රයෙන් බයිබල් පාඨමාලාවන් නොමිලේ උගන්වනු ලැබේ. කිතුනු ධර්මය තුළ පවතින මූලික උපදෙස් ඉගෙන ගැනීමට හා තේරුම් ගැනීමට පහසු ආකාරයෙන් මෙම පාඨමාලාවන් නිර්මාණය කොට ඇත. තවද පැරණි හා නව ගිවිසුම් තුළ පවතින කතා අඩංගු කොට කුඩා ළමුන් උදෙසා පාඨමාලාවන් නිර්මාණය කර ඇති අතර ස්වර්ගීය පුෂ්පය අවංක ජීවිතය හා දෙවිඳුන් සමග දිවිය යන මාතෘකා යටතේ කිතුනුවන්ට මෙන්ම යේසුස් වහන්සේ පිළිබඳව දැනගන්නට ප්‍රිය කරන අය උදෙසාත් මහත් ප්රයෝජණවත් ලෙස නිර්මාණය කොට ඇත.
මෙම බයිබල් පාඨමාලාවන් සාර්ථක ලෙස අවසන් කරන සියල්ලන් හට සහතික පත් මෙන්ම පොත්පත්ද ත්‍යාග පිණිස ලබා දෙන්නෙමු. මේ පිළිබඳව තවදුරටත් දැන ගැනීමට අප සමග සම්බන්ධ වන්න.










